නූතන විද්‍යාව සහ හෙළ යුගය - 1

ඔබ දන්නා පරිදි හෙලදිව ඉතිහාසය වසර 2500කට ගොනු කල හැකිය. එසේම විජය කුමරුගේ ආගමනයෙන් පසු සිංහලයාගේ ශිෂ්ටාචාරය ඇරැඹුණු බවද (අපට උගන්වා ඇති පරිදි) අප දනිමු.

අපට එය එසේ උවද අපගේ අසල්වැසි ඉන්දියවට නම් අවුරුදු 5000කටත් අදික ඉතිහාසයක් ඇති බව එරට පුරාවිද්‍යඥ්යන් සහ ඉතිහසඥ්යන් විසින් තහවුරු කොට අත. එසේම ඔවුන්ගේ ඉතිහසය නිර්වචනය කිරීමේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාව බොහෝ අවස්තා වලදී සදහන් කොට ඇත. 

නමුත් අපගේ පුරාවිද්‍යඥ්යන් සහ ඉතිහසඥ්යන්ට අනුව නම් අපට ඇත්තේ වසර 2500ක ඉතිහාසයක් පමනි.
නමුත් එය එසේමද? හෙළදිව ශිෂ්ටචාර ගත වීම සදහා ඉන්දියාවේ බලපැමක් තිබීම අත්‍යාවශ්‍යමද? හෙළදිව මත හුදෙකලාව ශිෂ්ටචාරයක් බිහිවිය නොහැකිද?

ඔවුන් එසේ පැවසීමට බොහෝවිට හේතු විය හැක්කේ ලංකාව ඉතාමත්ම කුඩා දූපතක් මෙන්ම ඉන්දියාවට ඉතාමත් ආසන්නයෙන් පවතින නිසාද විය හැකිය. එසේම පෙර සදහන් කල පරිදි සිංහලේ ඊනියා ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසය ද මෙම ප්‍රවාදය අනුමත කරනු ලැබේ. එසේම අද අප විසින් ලංකා ඉතිහාසය ලෙස පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගනු ලබන්නේ "ලංකා ඉතිහාසය" නමැති 1912දී එච්.ඪබ්. කොඩ්රිංග්ටන් නැමැනි බ්‍රිතාන්‍ය අදිරාජ්‍යයේ  සිවිල් නිලදාරියෙකු විසින් ලියන ලද ග්‍රන්තයක ඇති කරුණු වේ.

කෙසේ උවද පස්වන සියවසේ මහානාම හිමියන් විසින් ලියන ලද මහා මහාවංසයෙහි අඩංගු වනුයේ මහසෙන් රජුගේ කාලය දක්වා පමනි. පසුව වෙනත් අය විසින් කලින් කලට එය දීර්ඝ කර ලියන ලදි. එසේම මහසෙන් රජුගේ පටන් 1815 සිංහල රාජ වංශය අවසන් වීම දක්වා කොටස චූල වංශය ලෙස හැදින්වේ. කෙසේ වෙතත් මහාවංසය නිසා විජය රජුගේ සිට සිංහලේ අවසාන රජු දක්වා වූ අඛණ්ඩ ලිකිත ඉතිහාසයක් අප සතු වේ.  

මහාවංසයේ සදහන් නොවූවද විජයාගමනයට පෙර අපගේ ඉතිහාසය ගැන සදහන් වන වෙනත් මූලශ්‍රයන් ද ඇත. දීප වංශය, තූප වංශය, දලදා වංශය වැනි බෞද්ධ කෘතීන් ද, රාජාවලිය මෙන්ම අප අවට අති රටවල් වල ඉතිහස ග්‍රන්ථ වලද , උදාහරණ ලෙස කාශ්මිරයේ වංශ කතාව වන රාජතරන්ගනියෙහිද ඉන්දීය ඉතිහාස ග්‍රන්ථ වන රාමායණය හා පුරාන ග්‍රන්ථ (විශ්නු පුරණය වැනි..)  වලද හෙළදිව පිළිබද තොරතුරු අන්තර්ගත වේ. එසේ උවද බ්‍රිතාන්‍ය ක්‍රමයට ගරු කරමින් මෙම කරුනු කොඩ්රිංග්ටන් විසින් "ලංකා ඉතිහාසය" නමැති ග්‍රන්තයට අන්තර්ගත කරනු නොලැබිනි. බොහෝ විට මෙයට හේතු විය හැක්කේ ඊට අදාල ප්‍රමානවත් සාක්ෂි ඔහුට සොයාගත නොහැකි වීම හෝ ඔහු විසින් දැන දැනම මෙම සාදක නොසලකා හැරීම විය හැකිය. මෙම හේතුව නිසා මෙරට සිටියා යැයි සැලකෙන රාවන වැනි මහා අධිරාජ්‍යයන් පිලිබද තොරතුරු මෙරට පැවති දනුම හා තාක්ෂණය වැනි දෑ අපගේ ඉතිහාසයෙන් ඉවත් වී යන ලදි.

එය එසේ උවද ඇති වෙනත් සාදක අනුව මෙරට ඉතිහාසය ඉතාමත් ඈතට එනම් පෘථිවියේ ජීවය සම්භවය වීම දක්වා ඈතට දිව යයි. අප මෙතන් සිට මදක් ගැඹුරින් මේ පිලිබඳව විමසා බලමු. 

මෙහි දැක්වෙනුයේ වර්තමානයේ දක්නට ලැබෙන මහද්වීම 7ය එනම් ආසියා, අප්‍රිකා, යුරෝපා, ඔස්ට්‍රේලියා, උතුරු අමෙරිකා, දකුනු අමෙරිකා සහ අන්ටාර්ක්ටිකා යන මහද්වීප 7 වේ. මෙහි ආසියා මහද්වීපයට උතුරින් ආක්ටික් සාගරයද, දකුණින් ඉන්දියන් සාගරයද, නැගෙනහිරින් පසිෆික් සාගරයද බටහිරින් ඇට්ලෑන්ටික් සාගරයද පිහිටයි.
    
මෙහිදි අප මුලින්ම ඉහත දැක්වෙන මහද්වීප නිර්මානය වූ ආකාරය පිළිබඳව සලකා බලමු.



ඉහත ආකාරයට මහද්වීප නිර්මාණය වීම සදහා වර්ෂ බිලියන 4.5ක් පමන ගත වී ඇතැයි දැනට ඇති සාක්ෂි අනුව සලකනු ලැබේ. කෙසේ උවද මෙම මහද්වීප ඉහත ආකාරයට නිර්මාණය වීමේ ක්‍රියාවලියි පිලිබදව විවිද මත විවිද පර්යේෂකයන් විසින් ඉදිරිපත් කොට ඇත. මෙම මත අතරින් ප්‍රධානම මත 2කි. අප මේව පිලිබඳවද  අවධානය යොමු කල යුතුය. එවා නම්.

01 - Continental Drift Theory (developed by Alfred Wegener 1912)


මෙම න්‍යාය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ අද පවතින මහද්වීප මුලින්ම පවතිනු ලැබූයේ අති විශාල තනි මහද්වීපයක් ලෙසටය. මෙය පැන්ජියාව (Pangaea) ලෙස හැඳින්වේ. ඉන් පසු මෙය කොටස් වලට කඩී එම කොටස් අද පවතින ස්ථානවලට ප්ලාවනය වී ඇත. මෙම මහද්වීප ප්ලාවනය (Continental Drift) යන වදන මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ Alfred Wegener විසිනි. අද වනවිට පවතින සියලු මහද්වීප මේ අකාරයෙන් එක්ව පැවතී අති බව මෙම මතය මගින් ප්‍රකාශ කෙරේ.






මොහුගේ මතය අනුව (මහද්වීප ප්ලාවනය)  ඉන් පසු පැන්ජියාව කොටස් දෙකකට වෙන්වන ලදි. මෙසේ වෙන් වී මහද්වීප දෙකක් නිර්මානය විය. එම මහද්වීප දෙක වනුයේ Laurasia සහ Gondwana යන කොටස් වේ. මෙහිදී ආසියා, යුරෝපා  සහ උතුරු අමෙරිකා යන මහද්වීප Laurasia  වට අයත් වන අතර අප්‍රිකා, ඔස්ට්‍රේලියා,  දකුනු අමෙරිකා සහ අන්ටාර්ක්ටිකා යන මහද්වීප Gondwana වට අයත් වේ.






ඉන් පසුව උතුරු මහද්වීපය වන ලුරේසියාව Eurasia (පසුව  Europa සහ Asia ) සහ North America ලෙස කොටස් දෙකකට බෙදෙන ලදි. එසේම දකුනු මහද්වීපය වන ගොඩ්වානාව South America, Africa, India, Australia සහ Antarctica වශයෙන් කොටස් 5කට බෙදීමෙන් අද පවතින මහද්වීප සැදී ඇත.

02 - Plate Tectonic Theory
  
මෙම න්‍යාය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ පෘථිවියේ ශිලා ගෝලයෙහි (Lithosphere) විශාල ප්‍රමාණයේ භූ තැටි වල සිදු වන විශාල පරිමානයේ චලනයන් හා කුඩා ප්‍රමානයේ භූ තැටි විශාල ප්‍රමාණයක සිදු වන චලනයන් පිළිබඳවයි. මෙවනි ආකාරයේ භූ තැටි වල සිදු වන චලන හේතුවෙන් අද පවතින මහද්වීප නිර්මාණය වී තිබෙන ආකාරය මෙම න්‍යාය  මගින් පැහැදිලිව විස්තර කෙරේ.    

මෙහි සදහන් කරන භූ තැටි වල සිදු වන චලනයන් පෘථිවියේ මත සිදු වීම ආරම්භ වූවා යැයි සැලකෙනුයේ අදින් වර්ෂ බිලියන 3.3 - 3.5 අතර කාල වලදී යැයි මෙම න්‍යාය මගින් පැහැදිලි කෙරේ. 



පෘථිවියේ හරස්කඩක් ගත් විට එහි භාහිරින්ම ඇති දෘඪ ස්තරය/ වැසම (Crust & upper most solid mantle) වනුයේ ශිලා ගෝලයයි (Lithosphere).  මෙම ස්තරය ඉහත සදහන් කල භූ චලන සදහා දායකත්වය සලසන ස්තරය වේ. ශිලා ගෝලය ප්‍රධාන කොටස් 8කට පමන වෙන් වී පවතී. මෙම කොටස් විවිද ස්තාන වල ප්ලවනය වෙමින් පවතින අතර මෙම ප්‍රධාන කොටස් 8ට අමතරව එවනි වූ කුඩා කොටස් තවත් විශාල ප්‍රමානයක් ශිලා ගෝලයෙහි අන්තර්ගත වේ. මෙම කොටස් ප්ලවනය වීමේදී මෙම තැටි එකිනෙකක් ලං වීම හා දුරස් වීම් සිදු වේ. මෙම සිදුවීම් හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ විවිද භූ ලක්ෂන හටගනි. මෙවනි අවස්තා කිහිපයක් සලකා බලමු.



  1. Convergent boundary
භූ තටි එකක් හෝ කිහිපයක් එකිනෙක හා ගැටීම් මෙහිදී සිදු වේ. බොහෝ විට මෙම ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙස විශාල කදු  පංති නිර්මාණය වේ. 


i. යුරේසියානු භූ තැටිය සහ ඉන්දියානු භූ තැටිය ඝට්ටනය වී හිමාල කදු පංතිය නිර්මාණය වීම.  

ii. ඕස්ට්‍රේලියානු භූ තැටිය සහ පැසිෆික් භූ තැටිය ඝට්ටනය වී නවසීලන්තයේ දක්ෂිණ ඇල්ප්ස් කදු පංතිය නිර්මාණය වීම.  

iii. පැසිෆික් භූ තැටියේ උතුරු කොටස, උතුරු ඇමරිකානු භූ තැටියේ යටින් ගමන් කිරීම් නිසා ඇලූටියන් දූපත් සෑදීම.

iv. නස්කා  භූ තැටිය දකුණු ඇමරිකානු භූ තැටියේ යටින් ගමන් කිරීම් නිසා ඇන්ඩීස් කදු පංතිය නිර්මාණය වීම.

v. පැසිෆික් භූ තැටිය ඕස්ට්‍රේලියානු  හා ටොංගා භූ තැටි යටින් ගමන් කිරීම් නිසා නවසීලන්තය සිට නිව් ගිනියාව දක්වා මායිම් නිර්මාණය වීම.

vi. යුරේසියානු භූ තැටිය සහ අප්‍රිකානු භූ තැටිය ඝට්ටනය වී තුර්කියේ පොන්ටික්  කන්ද නිර්මාණය වීම. 

vii. පැසිෆික් භූ තැටිය මරියානා භූ තැටිය යටින් ගමන් කිරීම් නිසා මරියානා ආගාධයට නිර්මාණය වීම. 

vii. ජුවාන් ඩි ෆුකා භූ තැටිය උතුරු ඇමරිකානු භූ තැටිය යටින් ගමන් කිරීම් නිසා කැස්කේඩ් කදු පංතිය නිර්මාණය වීම. 


    2. Divergent boundary


මෙහිදී සිදුවන්නේ ඉහතින් සදහන් කල මහද්වීප තැටි දෙකක් හෝ කිහිපයක් එකිනෙකින් ඉවතට ගමන් කිරීමයි. 


මෙම ක්‍රියාවලිය සිදුවීම ආරම්භයේදී භූමිය මත විවිද පලුම් අතිවී පසුව එවා විශාල ආගාද සහ විවර බවට පත් වේ.  

එසේම ඇතැම් ස්තාන වලදී මෙම භු ස්තර දෙක අතර ඇති ප්‍රදේශය පෘථිවි පෘෂ්ඨයේ පහතට තල්ලු වී  මිටියාවත් වැනි පහත් භූමි ප්‍රදේශ නිර්මාණය වේ. 


මෙම් ක්‍රියාවලිය සාගර කලාප වල පිහිටි භූ ස්තර දෙකක් අතර සිදු වු විටදී Mid-Ocean Ridge හෙවත් සාගර කලාපීය කදු නිර්මාණය වේ. මෙහිදී භූ තැටි දෙපසට ඈත් වීමේදී පොලව අභ්‍යන්තරයේ අති මැග්මා ඉවතට ගලා එම මගින් හා එම මග්මා මුහුදු ජලය හේතුවෙන් සිසිල් වීම් මගින් මෙම කදු නිර්මාණය වේ.


Moorea (French Polynesia)
in the Pacific Ocean


එසේම තවදුරටත් මෙම ක්‍රියාවලිය මගින් ලාවා ඉවතට ගලා විත් සිසිල් වීම මගින්  Volcanic Islands හෙවත් ගිනිකදු දූපත් නිර්මණය වේ. (මැග්මා උණුවී  ද්‍රව වූ  පාෂාණ වලින් සමන්විත වන අතර එය පෘථිවි පෘෂ්ඨයේ ගබඩා වේ. ලාවා යනු ගිනි කන්දක් හරහා අපේ පෘථිවි පෘෂ්ඨයට ළඟා වන මැග්මා ය.)







    3. Transform fault


මෙහිදී එකිනෙකට ආසන්නයේ පිහිටි භූ ස්තර දෙකක් එකිනෙකට ප්‍රති විරුද්ධ දිශා වලට හෝ එකිනෙකට සමාන දිශා වලට ගෑවෙමින් ප්ලවනය වීම සිදු වේ. මෙහිදී මෙම් භූ ස්තර එකිනෙකට ඇතිල්ලීමේදී ඇතැම් ස්තාන වල Zig -Zag හැඩයේ පලුම් සහ ඉහලට එසවීම් අතිවේ. 




ඉහත සදහන් මත නූතන ගවේශනයන් අනුව වෙනස් වීම් වලට භාජනය විය හැක. කෙසේ වෙතත් මම මෙහිදී අවදානය යොමු කරනුයේ හෙළදිව ශිෂ්ටචාර ගත වීම පිලිබඳවයි. නමුත් ඉහත න්‍යායයන් හා  හෙළදිව ශිෂ්ටචාර ගත වීම අතර ඇති සම්බන්ධය කුමක්ද? 


විද්‍යාඥයන් විසින් මෑතකදී ඉතාමත් වැදගත් සොයාගැනීමක් සිදුකර ඇත. එනම් මොරිෂස්  (Republic of Mauritius) දිවයිනට යටින් පුරාණ මහාද්වීපයක හෝඩුවාවන් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මොරිෂස් ජනරජය යනු අප්‍රිකානු මහාද්වීපයේ ගිනිකොන දෙසින් කිලෝමීටර් 2,000 ක් (සැතපුම් 1,200) පමණ ඈතින්  ඉන්දියානු සාගරයේ ඇති දූපත් රටකි.  මෙය අප ඉහතින් සදහන් කල ආකාරයේ ගිනිකදු දුපත් සමූහයකි (Volcanic Island) 


දකුණු අප්‍රිකානු පර්යේෂකයන් කණ්ඩායමක් මොරිෂස් හි වසර බිලියන 3 ක් පැරණි සර්කෝන් ස්ඵටික සොයා ගෙන ඇත. නමුත් ගිනිකඳු දූපතක් වන මෙම දූපත සෑදී අත්තේ වසර මිලියන 8 ක් පමණ පෙර වන අතර එය කෙසේ විය හැකිද යන්න ඔවුන් හට මහත් ගටලුවක් විය.



මෙහිදී සැලකියි යුතු ප්‍රධාන කරුන වනුයේ මෙම දිවයිනේ වෙරළ තීරයේ හමු වූ පුරාණ සර්කෝන් ඛනිජ, පැමිනියේ කොහි සිටද යන්නය. මම ඉහතින් සදහන් කල පරිදි ගිනිකඳු දූපතක් නිර්මාණය වීම් සදහා මහද්වීප තැටි දෙකක් හෝ කිහිපයක් එකිනෙකින් ඉවතට ගමන් කිරීම සිදු විය යුතුය. මෙම ක්‍රියාවලියේදී මේ සදහා  දායක වූ භූ තටි වල කබොලේ අති පාෂාණද ගිනි කදු විදාරනය වීමේදී ඉවතට පැමිනිය හැක. මෙහිදී තාර්කිකව පැහැදිලි කල හැක්කේ කලක් ඉන්දියන් සාගරයේ මතුපිට මහාද්වීපයක් පැවති බව නොවේද?  



ඉහත දැක්වෙන චන්දිකා චායාරූපයට අනුව එම කලාපය තුල එවනි වු හුදෙකලා කුඩා දූපත් විශාල ප්‍රමානයක් දක්නට ඇත.


මේ ආකාරයේම වූ පසිෆික් සාගරයෙහි ගිලුනු තවත් මහද්වීපික තැටියක් පර්යේශකයන් විසින් අනාවරනය කොටගෙන ඇත. මෙය Zealandia (New Zealand continent or Tasmantis) ලෙස හැදින් වේ. මෙය දනට නවසීලන්තය පිහිටි භූමියට අයත් මහද්වීප තැටිය වේ. මුලින් නවසීලන්තය ඔස්ට්‍රේලියා මහද්වීපයේ කොටසක් ලෙස සැලකුවද දැන් එය වෙනම මහද්වීපයක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් දැනට මෙහි ඉතිරි වී ඇත්තේ  6% පමණ භූමි ප්‍රමානයක් පමනි. එයට නවසීලන්තය නව කැලෙඩොනියාව සහ කුඩා දූපත් ප්‍රමානයක් අන්තර්ගත වේ. මීට වසර මිලියන 83-79 කට පමන පෙර ගොන්ඩ්වානා භූ තැටියෙන් වෙන් වීමෙන් පසු  94% ක පමන භූමි ප්‍රමානයක් ගිලී යන ලදි.  


ඉහත අවස්තා දෙකට අමතරව ලොකයේ තවත් ස්ථානවල මෙවැනි ගිලී සැගව ගිය මහද්වීප ගැන අනාවරනය වී ඇත. කෙසේ වෙතත් මෙහිදී අපට වදගත් වනුයේ ඉන්දියන් සාගරයෙහි ගිලී ගියි මහද්වීපය පිලිබදව අවදානය යොමු කිරීමයි. මෙ පිලිබද අනෙක් සියලූම විස්තර මාගේ ඊලග ලිපි වලදී බලපොරොත්තු වන්න...

Article by - Ishara Ubeykoon

Comments

Post a Comment

Popular posts from this blog

නූතන විද්‍යාව සහ හෙළ යුගය - 2

රොබෝ තාක්ෂණය