නූතන විද්‍යාව සහ හෙළ යුගය - 2

මානව ශිෂ්ටාචාරයෙහි විවිද යුගයන් පසු කොට අද අප සිටිනුයේ ඩිජිටල් යුගයෙහි ආරම්භයේය. එසේ උවද විවිද පාරිසරික හා මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල ඛේදවාචකයන්ට මුහුන් දීමට මිනිසුන්හට සිදුවී ඇත.. මානව ශිෂ්ටාචාරයෙහි ආරම්භයේ සිටම මෙවනි වූ සිදුවීම් නිසා මානවයාගේ ගමන බොහෝ වෙනස්වීම් වලට භාජනය වී ඇත.

නූතන මානවයාගේ ආරම්භය ගැන කතා කිරීමේදී හෙළදිව ඉතාමත්ම වදගත් තැනක් ගනී. පළමු ලිපියෙහි අවසානයේ සාගරයෙහි ගිලුනි මහද්වීප 2ක් පිලිබදව අවධානය යොමු කොට ඇත (https://isharadiary.blogspot.com/2020/04/blog-post.html) . එනම් සීලැන්ඩියා නොහොත් නවසීලන්ත මහද්වීපය සහ ඉන්දියන් සාගරයෙහි පැවතියා යැයි කියන මහද්වීපයි. මෙහිදී මම සදහන් කරනුයේ ඉන්දියන් සාගරයෙහි පැවතියා යැයි සැලකෙන මහද්වීපය පිලිබදවයි.

ලෙමුරියා මහද්වීපය (The Continent of Lemuria) 


බොහෝ ඉතිහාස පර්යේෂණයකයන් එම මහද්වීපය හදුන්වනුයේ ලෙමුරියා මහද්වීපය ලෙසය. මෙම රූපයෙහි දැක්වෙන්නේ එහි දළ සැලැස්මකි.

මෙම මහද්වීපය (ලෙමුරියා මහද්වීමය) ලංකාව, මැඩගස්කරය, සහ ඕස්ට්‍රේලියා මහද්වීපය සම්භන්ද වීමෙන් සෑදුනු අති විශාල මහද්වීපයකි.

නමුත් අද වන විට මෙහි ඉතිරිව ඇත්තේ ලංකාව, මැඩගස්කරය සහ තවත් ඉතා කුඩා අවශේෂ දූපත් සමූහයක් පමනි. ලංකාව ඉන්දියාව සහ තවත්  රටවල් බොහෝමයක ඉතිහාස ග්‍රන්ථ සහ ජනප්‍රවාද වලින් මෙම ලෙමුරියා මහද්වීපය පිළිබඳව කරුණු බොහෝමයක් අද වනවිට අනාවරනය වී ඇත. නමුත් මම පලමු ලිපියෙන් සදහන් කරන ලද මහද්වීප තැටි චලනය වීම පිලිබඳ න්‍යාය (Theory of Plate Tectonic) මගින් මෙම මහද්වීපයේ පැවැත්ම විස්තර කල නොහැකි නිසා මහද්වීපයේ පැවැත්ම පිළිගැනීමට ඇතැම් පර්යේෂකයන් මැලිකමක් දක්වයි. කෙසේ වෙතත් නවීන් විද්‍යාත්මක අනාවරනයන් සහ ජනප්‍රවාද කරුණු අතර ඇති විශාල  සම්බන්ධතාවය නිසා එම න්‍යායයන්ද සංශෝධනය වීමට කාලයි උදා වී ඇත.

ලංකාවේ සහ ඉන්දියාවේ ඉතා පැරණි ජනශ්‍රැති වල කියැවෙන හෙළ ලංකාපුරය හෙවත් රාවන අධිරාජ්‍යයාගෙ අධිරාජ්‍යය මෙය විය හැකිද?   මේ පිළිබඳව ඉතා ගැබුරින් විමසා බැලිය යුතුය. මුලින්ම මේ පිළිබඳව ඇති විද්‍යාත්ම සාක්ෂි විමසා බලමු. 

ලංකාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාවෙහි හමුවන ශාක සහ සත්ව පොසිල වල ඉතා විශාල සමානකම් දක්නට ලැබෙන බව පර්යේශකයන් විසින් සොයාගෙන ඇත. එසේම පොසිල වල පමනක් නොව ඇතැම් ජීවීන්ගේද සමානකම් ඇති බව පර්යේශකයන් විසින් සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස ලංකාවේ හමුවන ගැඩවිල් පනුවන් විශේෂය නිරිත දිග ඕස්ට්‍රේලියාවෙන්ද හමුවීම දැක්විය හැක. මෙහිදී සැලකියි යුතු ප්‍රධානම කාරණය වන්නේ මෙම ජීවීන්ට ඉන්දියන් සාගරය තරනය කොට ඕස්ට්‍රේලියවට ගමන් කල නොහැකි වීමය. අනිවර්යෙන්ම මොවුන් හට භූමිය හරහා සංක්‍රමණය විය යුතු ය. එසේනම් මෙම රටවල් දෙක බොහෝ කලකට ඉහතදී ගොඩබිමින් සම්බන්දව පැවති බවට සැලකිය හැක. 


චාර්ල්ස් ඩර්වින්ගේ පරිනාමවාදයට අනුව නූතන මානවයාගේ පරිනාමය ආරම්භ වනුයේ වානරයාගෙනි. බොහෝ පර්යේෂකයන්ගේ මතය වන්නේ මානවයාගේ පරිනාමය සදහා ලෙමුරිය මහද්වීප මූලික බිම්කඩ වූ බවයි.

19 වෙනි  සියවසේ සිටි අද්විතීය ස්වභාවික විද්‍යාඥයන් වන චාර්ල්ස් ඩර්වින් සහ තෝමස් හක්ස්ලි වැනි අයගේ අදහස් අනුව යමින්  ෆෙරෙඩිඩ්‍රික් එන්ගල්ස් නම් ස්වභාවික විද්‍යාඥයා "The role played by labour in the transition from ape to man" නම්  කෘතියෙහි සදහන් කරන්නේ  සුවිශේෂ ඉතා දියුණු මට්ටමේ  මානව-වානර (මානවයා සහ වානරයා අතර සත්වයන්) ආකාරයක් ඉන්දියන් සයුරේ ගිලී ගියි භූමියක වාසය කර අති බවයි. එම උපකල්පනය සවිස්තරාත්මකව නිර්මාණය කරන ලද්දේ 19 වෙනි  සියවසේ සිටි තවත් එක් අද්විතීය ජීව විද්‍යාඥයෙකු වන එර්න්ස්ට් හේකල් විසිනි. එවකට චාර්ල්ස් ඩර්වින් පරිනාමවාදය ඉදිරිපත් කිරීමට යොදාගත් දත්ත තවදුරටත් නිරීක්ෂණය කරන ලදි. මොහුට පෙනී ගියේ වානරයාත්(Anthropoid Ape) මානවයාත්(Homo sapiens) අතර පරිවර්තන ක්‍රියාවලියේ අතර මැද එක් පුරුකක් අතුරුදන්ව ඇති බවයි. හේකල්  විසින් මෙම අතුරුදන් වූ සත්වයා පිතෙකැන්ත්‍රොපස් (pithecanthropus) එසේත් නැතිනම් වානර මානවයා ලෙස නම් කරන ලදි. එසේම එම සත්වයා ලෙමුරියා මහද්වීපය මත ජීවත් වූ බවද එහි සිට අනෙක් ප්‍රදේශ වලට (ඉන්දියාවට, අප්‍රිකාවට, ආසියාවට) සංක්‍රමණය වූ බවද   ඔහු තවදුරටත් සදහන් කරයි. ඔහුගේ මතය තහවුරු කරමින් ජාවා දූපතෙන්, ඉන්දියාවෙන් සහ අප්‍රිකාවෙන් මෙම වානර මානවයාගේ ඇටකටු සොයා ගන්නා ලදි.

පෘථිවියේ ස්වභාවය සහ මානවයාගේ සම්භවය (The Nature of the Earth and the Origin of Man)  ලෙස ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කරමින් Y. රෙශිතෝ (Y. Reshetov) නම් සෝවියට් කතුවරයා පවසන්නේ පූර්ව නූතන මානවයා නිර්මාණය වීමේ ප්‍රධානම සන්ධිස්ථානය ලෙමුරියා මහද්වීපය බවයි. තවද බොහෝ භූ  විද්‍යායින් මේ පිළිබඳව පර්යේෂණ සිදු කර ඇති අතර ජීවය ආරම්භ වී ඇත්තේ “ලෙමුරියා” වලින් බව පවසා තිබේ. ඉංග්‍රීසි විශාරද විලියම් ස්කොට් එලියට් (William Scott Elliot) සිය කෘතිය වන “ද ලොස්ට් ලෙමුරියා” හි සනාථ කරන්නේ වර්තමාන ඉන්දියන් සාගරයේ භූමි ප්‍රදේශයක් පැවති බවත් මිනිසුන් එහි වාසය කළ බවත්ය.
ඉහත සදහන් ජීව විද්‍යාත්මක කරුණු සහ බටහිර පර්යේෂකයන්ගේ පර්යේෂණ අනුව ලෙමුරියා මහද්වීපයේ පැවැත්ම පිලිබඳ සාධාරණ තර්කයක් මතුකල හැකිය.

ලංකාවේ බොහෝ ඉතිහාසඥයන්ගේ මතය අනුව ලෙමුරියා මහද්වීපය රාවන පුරාවෘතය හා සබඳතාවයක් දක්වන හෙළ අසුර අධිරාජ්‍යය යැයි පිලිගනී. මේ සදහා පිලිගත හැකි ඉතා ප්‍රබල සාක්ෂිද ලංකාවේ බොහෝ ස්ථාන වලින් හමුවී ඇති අතර ජනප්‍රවාදයයන් වලද මේ සම්බන්ධයෙන් සදහන්ව ඇත.

ලංකාවේ හමුවන ජනප්‍රවාදයයන් වලට අනුව අතීතයේ ලංකා භූමිය තුන් වතාවක් මුහුද ගොඩ ගැලීම මගින් යටවේ ඇත. එම අවස්තා තුනේදීම ලංකා භූමියෙන් අතිවිශාල ප්‍රමානයක් ඉන්දියන් සාගරයට යටවී ඇත.

ඉන් පළමු අවස්ථාව සිදුවී අත්තේ ක්‍රිස්තු පූර්ව 10830 දී පමණය. තරු නමින් හැදින්වූ අතීත හෙළයේ සිටි සක්විති රජෙකුගේ (ඉදිරි ලිපි වලදී හෙළයේ රාජ වංශ පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ.) මරනයෙන් ටික් කලකට (ක්‍රිස්තු පූර්ව 10903) පසුවයි. එම මහා ජල ගැල්මෙන් හෙළ බිමෙන් අඩක්ම මුහුදුබත් වී ඇත. බයිබලයේ නෝවාගේ ජලගැල්ම ලෙසින් මෙය සටහන් වී ඇත. නූතන පර්යේෂණ වලට අනුව මීට වර්ෂ 12,500 කට පමන පෙර යුරෝපීය අයිස් තට්ටුව දිය වී ගොස් ඇත. උතුරු අත්ලන්තික් සාගරය සහ උතුරු අමෙරිකාවේ ඇතම් කොටස්ද වසාගෙන පැවැති එය දියවී ගිය පසු සාගර ජල මට්ටම ඉහල  ගොස් ඇති බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. එසේම අපට ආසන්නම ඉන්දියාවේන්ද ඉහත සිදුවීම ඔප්පු කිරීම සදහා සාක්ෂි ලැබේ. ඉන්දියාවේ ඉතා වැදගත් ආගමික ග්‍රන්ථයක් වන විෂ්නු පුරාණයට අනුව (පුරාන ග්‍රන්ථය 18ක් ඇත) හෙළ අසුර හිරන් කසුබ් රජු (හිරන්‍ය කසුප්, මහාමන්දාතු, ඊරණි, හිරන්‍ය කාශ්‍යප) තම සූර්‍යයා බඳු තේජස්වී ඇස් දෙකින් බලා අයිස් දියකර හරින ලද බව පැවසේ. හිරන් කසුබ් රජු සිටි කාල වකවානුවද ක්‍රිස්තු පූර්ව 10500 පමන බව නිගමනය කල හැක.

දෙවැනි ජල ගැල්ම සිදුවී ඇත්තේ රාවන රජුන් සිටි අවදියේ ය. මෙමගින් හෙළ බිමේ එවකට පැවති දියුණුම කොටස මුහුදුබත් වූ බව සැලකේ. 

මෙසේම ඇතම් පුරාවිද්‍යා කැනීම් වලින්ද විවිද සාක්ශි මතුවී ඇත. හිපපොටේමස් නැමති සත්වයා ලංකාවේ දැනට දක්නට නොමති උවත් රත්නපුර මැනික් පතල් කැණීම්වලදී හිපපොටේමස් ඇටකටු සහ පොසිල හමුවී ඇත. එසේම සිංහයන් ගවරුන් වැනි සතුන්ගේද ඇටකටු සහ පොසිල පුරාවිද්‍යා කැණීම්වලදී හමුවී ඇත. දැනට ජීවත්වන සතුන් ගත් විට ලංකාවේ ජීවත් වන අලියාගේ සහ මැඩගස්කරයෙහි සිටින අලියාගේ පවතින් සමානකම සහ මැඩගස්කරයට ඉතාමත් ලගින් පිහිටි අප්‍රිකානු අලින්ගේ පවතින වෙනස ඉතා සුවිශේෂී වේ.

ලෙමුරියා මහද්වීපය ලංකාවට සහ රාවන පුරාවෘතයට ඇති සබඳතාව සහ හෙළ අසුර අධිරාජ්‍යය පිලිබඳ සවිස්තරාත්මකව මගේ ඊලග ලිපියෙන් බලාපොරොත්තුවන්න.

Article by - Ishara Ubeykoon

Ref:

The Riddles Of Three Oceans - Alexander Kondrarov (tales-of-3-oceans)
HelaDeranaWaga - Ariyasen Ahubudu
18-maha-puranas
Ramayana
Lanka Itihasaye Helayugaya - Dr Sooriya Gunasekara
The Lost Lemuria - William Scott Elliot
https://en.wikipedia.org/wiki/Lemuria_(continent)
https://en.wikipedia.org/wiki/Balangoda_Man
https://www.nationalgeographic.com.au/nature/found-a-lost-continent-deep-beneath-the-indian-ocean.aspx


Comments

  1. Really interesting Ishara, keep writing, there are really valuable.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

රොබෝ තාක්ෂණය

නූතන විද්‍යාව සහ හෙළ යුගය - 1